Tuesday, December 8, 2020

මහලු මව

 සමාව යදින දෑසින්  මාදෙස බලලා

සුළු දිය පහකරයි ඇද ඇතිරිලි තෙමලා

පුතු කැව් කෑම ඇගෙ කටපල්ලේ වැටිලා

ගෙදර බුදුන් දුබලව ඇත ඇදටවෙලා


කැතකුණු අතගගා මා හැදු වැඩු අම්මේ

ගත ලේ කිරට හරවා මට පෙව් අම්මේ

මා වෙනුවෙන්ම ඔබෙ දිවි කැපකල අම්මේ

ඔබ නොසිටින්න මා අද කොතනද අම්මේ 


බිත්තිය අතගගා එළියට යන්න එපා

මළ පහවෙයි කියා කුසගිනි දරනු එපා

මා නිදියැයි සිතා නිහඩව සිටිනු එපා

ඔබ උවටැනින් මා නොවැටෙයි සතර අපා


මගෙ දරුවනේ නොකරව් ගේ දොර සද්ද

නහවා කවා පොවමින් කළමැන  සුද්ද

කොපමන වාරයක් ඔබ නහවන්නට ඇද්ද

මෙලොවේ මීටවැඩි මැණිකක් පවතිද්ද


බුදුබණ අසාගන්නට ඉඩ සලසන්න

උණුපැන් සිසිල්පැන් ඈ හට සපයන්න

දැනුනත් ඕනීකම බැහැ දැන් පවසන්න

කළපින් මෙනෙහිකර ගන්නට ඉඩදෙන්න

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...