Showing posts with label Poem. Show all posts
Showing posts with label Poem. Show all posts

Saturday, May 22, 2021

පිටවීම

 කන්ථකයි පපුව දෙකඩ කරන් නතර උනේ

සංසාරයක්ම පස්සෙන් ආපු නිසයි නොවිඳපු

දුක් විඳ විඳ ජීවත් උනේ මම "


අපි ආයේ මේ සංසාරේ කවදාවත් 

මුණගැහෙන්නේ නෑ. ඉතිං මගින් 

අතරමංකරා කියලා තරහක් තියාගෙන

කොහොමද ? ඒකයි මේ අතරමං වෙච්ච 

ලෝකේ ඇතුලේ තව පාරක් අතරමං 

නොවී, ඔබේ සත්‍යය තුලින්ම, අස්ථීර 

ලෝකෙන් ස්ථීර ලෙසම පිට වෙන්නේ !



Monday, January 4, 2021

දුප්පත් හීන

 


"ලස්සන ඇඳුම්" ලොකුවට වටිනවා     ඇතී

ගෙනැවිත් දෙන්න අපෙ අම්මට කාසි  නැතී

හන්දියෙ පොළෙන්  අඩු ගානට අරන්  දෙතී

මේවා අඳින එක මට හීනයක්             වෙතී.

                       සනත් ජයසිරි .

      

                 ❤❤❤❤❤❤❤

Friday, January 1, 2021

ගැහැණිය

 


ගැහැණියක් උනාම,


රාමුවක ට කොටුවෙලා ජිවත් වෙන්න 

ඕනි නෑ. ඒත්,

තමන්ගෙ සීමාව දැනගෙන ඒක ඇතුලෙ

ජීවත් වෙන්න ඕනි.


දරදඩු වෙන්න හොද නෑ ඒත් 

ගොඩක් හයිය වෙන්න ඕනි.


බොළඳ වෙන්න හොද නෑ

ඒත් මෘදු වෙන්න ඕනි.

අඩාගත්තු ගමන් ජීවත් වෙන්න 

හොද නෑ ඒත්,

ගොඩක් සංවේදී වෙන්න ඕනි.


කවදාවත් පරාද වෙන්න හොද නෑ, 

ඒත්, ඕනි තැන පසුබසින්න ඕනි.

ආයෙම නැගිටින්න ඕනි.


තිරණ ගන්න තැන්වල

වගකීම් දරන තැන්වල

වැනෙන්න බෑ ඒත්,

ඕනි තැන්වල නම්‍යශීලී වෙන්න ඕනි.


හැම දේම උහුලගෙන ඉන්න ඕනි 

කියල නියමයක් නෑ.

ඒත්, හැම දෙයක්ම දරාගන්න 

පුළුවන් වෙන්න ඕනි.


ගැහැණියක් උනාම,

පිරිමියෙක් වගේ වෙන්න ඕනි නෑ.

ඒත්, ඒ ගැහැණු කම ඇතුලෙ 

පිරිමි භාගයක් වත් තියෙන්න ඕනි.


👩👩👩👩👩👩👩👩👩👩👩

Tuesday, December 8, 2020

මහලු මව

 සමාව යදින දෑසින්  මාදෙස බලලා

සුළු දිය පහකරයි ඇද ඇතිරිලි තෙමලා

පුතු කැව් කෑම ඇගෙ කටපල්ලේ වැටිලා

ගෙදර බුදුන් දුබලව ඇත ඇදටවෙලා


කැතකුණු අතගගා මා හැදු වැඩු අම්මේ

ගත ලේ කිරට හරවා මට පෙව් අම්මේ

මා වෙනුවෙන්ම ඔබෙ දිවි කැපකල අම්මේ

ඔබ නොසිටින්න මා අද කොතනද අම්මේ 


බිත්තිය අතගගා එළියට යන්න එපා

මළ පහවෙයි කියා කුසගිනි දරනු එපා

මා නිදියැයි සිතා නිහඩව සිටිනු එපා

ඔබ උවටැනින් මා නොවැටෙයි සතර අපා


මගෙ දරුවනේ නොකරව් ගේ දොර සද්ද

නහවා කවා පොවමින් කළමැන  සුද්ද

කොපමන වාරයක් ඔබ නහවන්නට ඇද්ද

මෙලොවේ මීටවැඩි මැණිකක් පවතිද්ද


බුදුබණ අසාගන්නට ඉඩ සලසන්න

උණුපැන් සිසිල්පැන් ඈ හට සපයන්න

දැනුනත් ඕනීකම බැහැ දැන් පවසන්න

කළපින් මෙනෙහිකර ගන්නට ඉඩදෙන්න

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...