Showing posts with label Vedio. Show all posts
Showing posts with label Vedio. Show all posts

Friday, July 2, 2021

මෙක්සිකෝවේ බෝනික්කන් වනාන්තරය


වනාන්තරයක් යනු ස්වභාව සෞන්දර්යය නොඅඩුව ගැබ් වුණ තැනක් වගේම වටපිටාවේ නිහඬබව, පාළු ගතිය කැටිව ස්වභාවයෙන්ම  ගුප්ත හැඟීම් දනවන ස්ථානයකි .ඒ ගුප්තබව නිසාම වනාන්තර කැටිව ඈඳුන අද්භූත කතන්දර බොහොමයක් ඇත. මේ වනාන්තරය පිහිටා ඇත්තේ  මෙක්සිකෝවේ බෝනික්කන් දුපතේය. හොල්මන් බෝනික්කන්, කාලය වගේ අදහස් දෙන අමුතු අමුතු නම් වලින් මේ වනාන්තරය හැඳින්වෙයි.


 


1. Island of the Dolls (La Isla de las Muñecas)


මෙම බෝනික්කන් දූපත පිහිටලා ඇත්තේ මෙක්සිකෝ අග නගරයට දකුණු පසිනි.  මේ දූපත පුරාම ගස් වල ලෝකයේ හැම වර්ගයකම වගේ බෝනික්කන් එල්ලලා තිබීම මෙහි පවත්නා විශේෂත්වය වේ. බෝනික්කන් යනු ස්වභාවයෙන්ම සිත් ඇදගන්නා සෙල්ලම් බඩුවක් වුවද  කාලාන්තරයක් තිස්සේ අව්වට, වැස්සට නිරාවරණය වෙමින් ගස් මුදුන් වලින් එල්ලෙමින් බියජනක හැඟීම් ඇතිකරන මේ බෝනික්කෝ දකින එක ඉතා අද්භූත ය. මේ තැන් තැන්වලින් එල්ලෙන බය හිතෙන බෝනික්කන් නිසාම මේ වනාන්තරය හොල්මන් වනාන්තරයක් ලෙසද හැඳින්වෙයි.  මේ වනාන්තරය පිටුපස තියෙන ඉතිහාස කතාවත් බොහෝදුරට බලපානු ලැබේ.


 


2. දූපතේ පිහිටීම


මේ දූපත පිහිටා ඇත්තෙ මෙක්සිකෝ නගර මධ්‍යයේ සිට සැතපුම් 17ක් දකුණින් පිහිටි සොචිමිල්කෝ බොක්කේ. දූපතට ලඟා වීමට ඇති  ලඟම මාර්ගය  එම්බාර්කැඩෙරෝ කූමන්කෝ වෙතින් පිටත් වීම. නමුත් එතැන  ඉඳලත් පැයක, එකහමාරක ගමනක් වේ. මේ දූපතට ගමන් කිරීමට උදව් කිරීමට සංචාරක මඟපෙන්වන්නන් බොහොමයක් සිටියද  පැරණි මිත්‍යා විශ්වාස නිසා පාර පෙන්වීමට බය මිනිස්සුත් මේ ප්‍රදේශයේ සිටී.


 


3. Don Julian Santana Barrera


මෙම ජූලියන්  ඉතිහාසය වෙනස් කරලා මේ දූපත වෙනස්ම මඟකට අරන් ගියපු පුද්ගලයාය. ජූලියන් කියන්නෙ 20 වෙනි සියවසේ මැද භාගයේදී විතර තමන්ගේ බිරිඳ සහ දරුවන් අතහැරල මේ දූපතේ පදිංචියට ආපු පුද්ගලයෙක්. ඔහු තමයි මේ කැලයේ ගස්වල බෝනික්කන් එල්ලීම ආරම්භ කර වසර 50ක් විතර පුරාවට දිගටම බෝනික්කන් එල්ලීම සිදුකරලා තියෙන්නේ . එලෙස කිරීමට  බලපාපු හේතුව වන්නෙ  මෙයයි.


 


4. අද්භූත ඉතිහාස කතාව


ගෙදර අතහැර මේ දූපතේ පදිංචියට ආපු ජූලියන්ට ඇල මාර්ගයක් දිගේ ගලාගෙන ආපු පොඩි දැරිවියකගේ මළ සිරුරක් හමුවුණු බව කියති.ඒත් සමග ගසාගෙන ආපු බෝනික්කෙක් මියගිය දැරිවියව සිහිවෙන්නත් අනාගතයේ නපුරු ආත්මයන්ගෙන් කැලය ආරක්ෂා කරන්නත් අදිටනින් ජූලියන් විසින් ඒ අසලම ගසක එල්ලලා ඇත. නමුත් මේ එල්ලපු එකම බෝනික්කගෙන් ජූලියන් සැනසීමට පත්වෙන්නෙ නැත. මැරුණු දැරියගේ ආත්මය ඔහුට පෙනී සිටිමින් “I want my Doll (මට මගේ බෝනික්කා ඕනේ)” යයි කියමින් කරදර කරන නිසා ඔහු ඇල මාර්ගය දිගේ පාවෙලා එන හැම බෝනික්කෙක්ම, බෝනික්කන්ගේ කොටසක්ම මෙහෙම ගස්වල එල්ලන්න පුරුදු වුණා. එහෙත්  මදිවුන තැන එළිමහනේ ඇවිදින වෙලාවල් වලට කුණු ගොඩවල් අවුස්සමින් සොයාගන්න බෝනික්කොත්, ඔහු දූපතේ වවන එළවළු හුවමාරු කරලා ලබාගන්න බෝනික්කොත් ඔහු මෙහෙම කැලයේ ගස්වල එල්ලන්න පුරුදු වුණා. 


 


5. ජූලියන්ගේ මරණය


මේ විදිහට අවුරුදු 50ක් පුරාවට ගස්වල බෝනික්කන් එල්ලමින් ගතකරපු ජූලියන්ගේ ජීවිතය නිමවෙන්නෙත් අවාසනාවන්ත විදිහට. මුල්ම වතාවේ අර දැරියගේ මළ සිරුර දැක්කා කියන තැනම පාවෙමින් තිබියදී ජූලියන්ගේ මළ සිරුරත් සොයා ගැනෙනවා. මරණයට හේතුව හෘදයාබාධයක් කියලා සමහර තැන්වල ලියවිලා තිබුණත් හුඟ දෙනෙක් කියන්නෙ ඔහුගේ මරණයට හරිම හේතුවනම් කවුරුත්ම දන්නෙ නැහැ කියලයි. 


 


6. වර්තමාන තත්ත්වය 


කාලාන්තරයක් තිස්සෙ ගස් මුදුන් වලින් එල්ලෙන අවපැහැ ගැනුණු බෝනික්කන් පිරුණු මේ වනාන්තරය අදටත් මහා අද්භූත පෙනුමක් තියෙන පරිසරයක්. මේ ඉතිහාස කතාව ගැන සඳහන් වෙන පොත්පත්, ලිපි වගේ දේවල් අඩංගු වෙන පුංචි කෞතුකාගාරයකුත් දැනට මේ දූපතේ ඇත.මේ තැන ගැන විස්තර දැනගන්න එන අයට පරණ ලිපි එහෙම කියවලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මේ මඟින් හැකිය .


 


7 සංචාරක ආකර්ෂණය 

 


කිසිම ප්‍රියජනක හැඟීමක් නැති  තැනක් වුණත් මේ ස්ථානයට තියෙන සංචාරක ආකර්ෂණය ඉහල මට්ටමේ පවතී. මෙක්සිකෝවේ සංචාරය කරන පිරිස මේ අමුතු බෝනික්කන් වනාන්තරය නැරඹීමට  අමතක කරන්නෙම නැත. ඒ අවට තියෙන වෙනත් සංචාරක ස්ථානයන් සමගම මේ තැනටත් එන දෙස් විදෙස් සංචාරකයෝ මේ පුංචි ගැහැණු දරුවාගේ සහ ඇය වෙනුවෙන් මියගිය ජූලියන්ගේ ආත්මයන් සිහිපත් කරලා අදටත් මේ ගස්වල බෝනික්කන් එල්ලන එක පුරුද්දක් කරගෙන ඇත. ඒ නිසාම  අවපැහැ ගැනුණු පරණ බෝනික්කන් අතරින් පතරේ අලුත් බෝනික්කන් ගස් මුදුන් වලින් පහලට එල්ලෙති. ඒ බව මේ තැනට යන ඕනම කෙනෙකුට දැකගැනීමට හැකියාව ලැබේ.

 _By Danushi Prashadika_




මුහුණු පොත ඇසුරින් සංස්කරණය කරන ලද්දකි.

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...