"ලස්සන ඇඳුම්" ලොකුවට වටිනවා ඇතී
ගෙනැවිත් දෙන්න අපෙ අම්මට කාසි නැතී
හන්දියෙ පොළෙන් අඩු ගානට අරන් දෙතී
මේවා අඳින එක මට හීනයක් වෙතී.
සනත් ජයසිරි .
❤❤❤❤❤❤❤
ගෙනැවිත් දෙන්න අපෙ අම්මට කාසි නැතී
හන්දියෙ පොළෙන් අඩු ගානට අරන් දෙතී
මේවා අඳින එක මට හීනයක් වෙතී.
සනත් ජයසිරි .
❤❤❤❤❤❤❤
රාමුවක ට කොටුවෙලා ජිවත් වෙන්න
ඕනි නෑ. ඒත්,
තමන්ගෙ සීමාව දැනගෙන ඒක ඇතුලෙ
ජීවත් වෙන්න ඕනි.
දරදඩු වෙන්න හොද නෑ ඒත්
ගොඩක් හයිය වෙන්න ඕනි.
බොළඳ වෙන්න හොද නෑ
ඒත් මෘදු වෙන්න ඕනි.
අඩාගත්තු ගමන් ජීවත් වෙන්න
හොද නෑ ඒත්,
ගොඩක් සංවේදී වෙන්න ඕනි.
කවදාවත් පරාද වෙන්න හොද නෑ,
ඒත්, ඕනි තැන පසුබසින්න ඕනි.
ආයෙම නැගිටින්න ඕනි.
තිරණ ගන්න තැන්වල
වගකීම් දරන තැන්වල
වැනෙන්න බෑ ඒත්,
ඕනි තැන්වල නම්‍යශීලී වෙන්න ඕනි.
හැම දේම උහුලගෙන ඉන්න ඕනි
කියල නියමයක් නෑ.
ඒත්, හැම දෙයක්ම දරාගන්න
පුළුවන් වෙන්න ඕනි.
ගැහැණියක් උනාම,
පිරිමියෙක් වගේ වෙන්න ඕනි නෑ.
ඒත්, ඒ ගැහැණු කම ඇතුලෙ
පිරිමි භාගයක් වත් තියෙන්න ඕනි.
👩👩👩👩👩👩👩👩👩👩👩
සමාව යදින දෑසින් මාදෙස බලලා
සුළු දිය පහකරයි ඇද ඇතිරිලි තෙමලා
පුතු කැව් කෑම ඇගෙ කටපල්ලේ වැටිලා
ගෙදර බුදුන් දුබලව ඇත ඇදටවෙලා
කැතකුණු අතගගා මා හැදු වැඩු අම්මේ
ගත ලේ කිරට හරවා මට පෙව් අම්මේ
මා වෙනුවෙන්ම ඔබෙ දිවි කැපකල අම්මේ
ඔබ නොසිටින්න මා අද කොතනද අම්මේ
බිත්තිය අතගගා එළියට යන්න එපා
මළ පහවෙයි කියා කුසගිනි දරනු එපා
මා නිදියැයි සිතා නිහඩව සිටිනු එපා
ඔබ උවටැනින් මා නොවැටෙයි සතර අපා
මගෙ දරුවනේ නොකරව් ගේ දොර සද්ද
නහවා කවා පොවමින් කළමැන සුද්ද
කොපමන වාරයක් ඔබ නහවන්නට ඇද්ද
මෙලොවේ මීටවැඩි මැණිකක් පවතිද්ද
බුදුබණ අසාගන්නට ඉඩ සලසන්න
උණුපැන් සිසිල්පැන් ඈ හට සපයන්න
දැනුනත් ඕනීකම බැහැ දැන් පවසන්න
කළපින් මෙනෙහිකර ගන්නට ඉඩදෙන්න
කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...