Friday, July 2, 2021

මළ මුහුද (dead see)


ජෝර්දානයත් ඊශ්‍රාලයත් අතර මළ මුහුද පිහිටයි. මෙහි නොගිලී ජලය මත සිටිය හැකි අතර කිමිදීමට ද නොහැකි ය. ඊට හේතුව වන්නේ එම ජලයේ ඇති අධික ලවණ සාන්ද්‍රණතාවයයි. මළ මුහුදෙහි ලවණතාව සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි. ඊට ප්‍රධාන කාරණා දෙකකි. මලමුහුද වෙනත් සාගර හෝ මුහුදු සමගින් සම්බන්ධ නොවීම සහ නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර වලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණය කින් යුක්ත වේ . මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණතාවය හේතුවෙන් සාමාන්‍ය මුහුදක ජීවත්වන මත්ස්‍යයන් නොමැත. අධික ලවණතාවයට ඔරොත්තු දෙන දම් පැහැති ජීවීන් විශේෂයක් පමණක් ජීවත්  වන බව සාගර විද්‍යාඥයෝ පවසති.


ඊශ්‍රායලය  ,  ජෝර්දානය මෙම ලුණු උපයෝගී කරගනිමින් ඖෂධ වර්ග ,විවිධ රසායනික ද්‍රව්‍ය ,තීන්ත වර්ග සහ රසායන පොහොර නිෂ්පාදනය කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇති හෙයින් එය එම රටවලට හොඳ ආදායම් මාර්ගයක් ද වේ .



මළ මුහුද මුහුදු මට්ටමින් පහළ ස්ථානයක පිහිටා ඇත. මෙහි ජල මට්ටම මීටර් 420 ක්  මුහුදු මට්ටමට පහතින් තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වය ද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් සිදු වීමෙන් ඇති වූ නිම්නයක් හේතුවෙනි .



මළ මුහුදේ ඇති කරදිය මිදී සෑදී ඇති රෝස , සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු හා ටැම් මළ මුහුදේ සුන්දරත්වය වැඩි කරයි. අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන් මෙසේ ලුණු කඳු නිර්මාණය වේ.



 මල මුහුද හේතුවෙන් මෙම රටවල සංචාරක කර්මාන්තයට ආර්ථික වාසි විශාල ලෙස හිමිවෙයි . වසරක් පාසා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑ මටද ප්‍රියකරති. මෙම ජලයෙහි බැස නෑම තුළින් තම සමේ රෝග, ස්වසන රෝග, වාත රෝග ආදී රෝග සුවවීමේ බලයක් ඇති බව ද මතයක් පවතී.



No comments:

Post a Comment

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...