Friday, July 2, 2021

දික්කන්ද වලව්ව


මෙම දික්කන්ද වලව්ව පිහිටා ඇත්තේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතරයි. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙන අතර දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතුරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහිදේ.


අක්කර 330 කපමණ විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියකි. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත. මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට නොපෙනේ. විහාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගැනීමට අසීරුයි.


එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගත හැක. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගත හැක. ඒත් කි. මී. 4 පමණ දුරකිනි. තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගත හැක. දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යයි. මේ තරම් ඇතට මේ වලව්ව පේන්නේ එහි ඇති විශාලත්වය නිසයි . ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව  රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා. එතිහාසික වටිනාකමකින් යුත් මෙම වලව්ව සංචාරකයින් සදහා විවෘතව නොමැත.

ඉතිහාසයේ ලිබර්ටි ප්‍රතිමාවේ අන්දරය


ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ හරි හරියට කියැවෙන දේ අතරින් 'ලිබර්ටි’ හෙවත් ‘නිදහසේ ප්‍රතිමාව' මුල් තැනක ලා සලකන්නට පිළිවන්. ගිනි සිළුවක් අතින් ගත් කාන්තාවක් දැක්වෙන මේ ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරයි. මීට වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති මෙය හා සබැඳි ඉතිහාස කතාවත් මේ ප්‍රතිමාව තරම්ම අලංකාරයි. එමෙන්ම මෙය ඇමෙරිකාවට ප්‍රංශයෙන් ලැබුණු ත්‍යාගයක් වීමත් විශේෂයි.


ලිබර්ටි ප්‍රතිමාවේ මූලික තොරතුරු

මේ ප්‍රතිමාව දකුණතින් ඉහළට ඔසවාගත් ගිණිසිළුවක්ද, වමතින් ශිලා පුවරුවක්ද දරාගෙන සිටින කාන්තාවක ස්වරූපයෙන් නිමවා තිබෙනවා. වමතෙහි ඇති ශිලා පුවරුවේ රෝම ඉළක්කමෙන් ක්‍රි.ව 1776 ජූලි 4 හෙවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය දැක්වෙනවා. ප්‍රතිමාවේ වම් පාදය අසළ බිඳී ගිය දම්වැලක් නිමවා තිබෙනවා. බිඳී ගිය දම්වැලෙන් නිදහසත්, ගිණි සිළුවෙන් ආලෝකයත් නිරූපණය වෙනවා. ඇගේ හිසෙහි රැස් 7 ක් සහිත ඔටුන්නක් ඇති අතර එමඟින් ලොව මහාද්වීප 7 නිරූපණය වෙනවා.



පාදමේ සිට ඔසවාගෙන සිටින පන්දමේ ඉහළ කෙළවර දක්වා අඩි 305 කුත් අඟල් 6 ක උසකින් සමන්විත මේ ප්‍රතිමාවේ බර ටොන් 225ක් තරම් වෙනවා. මෙහි පාදවල පහළ කෙළවරේ සිට හිස් මුදුන දක්වා උස අඩි 111 කුත් අඟල් 6ක්. එමෙන්ම ඉණෙහි වට ප්‍රමාණය අඩි 35ක්. පසුකාලීනව හෙවත් 1986 වසරේදී ගිණි සිළුවට කැරට් 24 රන් ආලේප කොට තිබෙනවා. මේ ප්‍රතිමාව තඹ ආවරණයක් සහිතව නිමවා ඇති අතර කාලයාගේ ඇවෑමෙන් තඹ මලින වීම සිදු වී එයට අද පවතින ලා කොළ පැහැති වර්ණය ලැබී තිබෙනවා.


ලිබර්ටි ප්‍රතිමාවේ ඉතිහාසය

ලිබර්ටි ප්‍රතිමාව නිපදවීමේ පළමු වස්තු බීජය පහළ වූයේ ප්‍රංශ ජාතිකයෙකු වන එඩුවාර්ඩ් ඩෙ ලෙබුලේ ගේ සිතෙහියි. ඒ 1865 වසරේදී වූ අතර ඔහුගේ සිතැඟි වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රංශය නියෝජනය කරමින් විශේෂ සමරුවක් ලබා දීමයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන නිදහස් සැමරුම 1876 වසරට යෙදී තිබුණු අතර ඒ වන විට ඒ සඳහා වසර 10ක් වැනි කාලයක් ඉතිරි වී තිබුණු බැවින් අපූර්ව හා දැවැන්ත නිර්මාණයක් කිරීමට ඔහුට අවශ්‍ය වුණා. ඔහු මේ අදහස දක්ෂ මූර්ති ශිල්පියෙකු වන ෆෙඩෙරික් බාර්තොල්ඩි වෙත ප්‍රකාශ කරන අතර බාර්තොල්ඩි වසර 6 ක් ම ගත කරන්නේ එම නිර්මාණය කුමක් දැයි නිසියාකරව සැලසුම් කිරීම හා ස්ථිර කරගැනීම සඳහායි.



ක්‍රි.ව 1871 වන විට බාර්තොල්ඩි තමන් ඉදි කරන නිර්මාණය කුමක්දැයි තීරණය කර තිබුණා. එය 'ලිබර්ටි (නිදහස ) - ලෝකය ආලෝකමත් කරනු වස්' යනුවෙන් නම් කළ ඔහු සැලසුම් කර තිබුණේ ගිණි සිළුවක් අතින් ඔසවාගෙන සිටින විශාල කාන්තා රූපයක් නිර්මාණය කිරීමටයි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදය වෙත දන්වා යැවූ අතර ඔවුන් එයට බොහෝ සතුටු වූවා. අවසානයේ කතිකා වූයේ ප්‍රතිමාවේ වියදම් ප්‍රංශ ජනයා සම්මාදමින් දැරීමට හා එහි පාදම අමෙරිකානු පුරවැසියන්ගේ මුදලින් ඉදි කිරීමටයි.


ඇමෙරිකාවේ යහපත් ප්‍රතිචාරයත් සමඟ ඔද වැඩුණු බාර්තොල්ඩි ඉක්මණින්ම ඇමෙරිකාව බලා නැව් නැග්ගේ එහි ගොස් පාදමේ කටයුතු සඳහා මුදල් එක්කාසු කිරීම්වලට දිරි දී කර්තව්‍යය කඩිනම් කිරීම සඳහායි. ඔහු රැගත් නැව නිව්යෝක් වරායට සේන්දු වත්ම ඒ ආසන්නයේ පිහිටි එලිස් දූපතට යාබදව පිහිටි බෙඩ්ලෝ දිවයිනේ වූ අක්කර 12 ක පමණ හි බිම් කඩක් ඔහු ඇස ගැටුණා. ලිබර්ටි ප්‍රතිමාව ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය එය බව ඔහු තීරණය කළා.


බාධා ඔස්සේ ඉදිරියටම

ඇමෙරිකා එක්සත් ජනපදයට සේන්දු වූ බාර්තොල්ඩි ඉදිරි මාස 5 ගත කළේ ප්‍රතිමාවේ පාදම සඳහා වූ ජනතා සම්මාදම් දිරි ගැන්වීම සඳහායි. කෙසේ නමුත් ඔහු නැවත ප්‍රංශයට පැමිණි වහාම ඔහුගේ ව්‍යායාමයට පළමු බාධාව එල්ල වුණා. එවකට ප්‍රංශය පාලනය කළ තුන් වන නැපෝලියන් ඇමෙරිකාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔහු මේ අදහසට තරයේ ම විරුද්ධ වුණා. තමන් සිපිරිගෙට නියම වීමේ පවා අවදානමක් ඇති බැව් වටහා ගත් බාර්තොල්ඩි කෙටි කාලකට නිහඬ වීමට තීරණය කළා. මෙලෙස ක්‍රි.ව 1874 දක්වා ගත වූ අතර අවසානයේ නැපෝලියන් පාලනය බිඳවැටී ප්‍රතිමාව ඉදිකිරීමේ කටයුතුවලට හිතකර දේශපාලන වාතාවරණයක් ප්‍රංශයේ ගොඩනැඟුණා. ඉක්මණින්ම ක්‍රියාත්මක වූ බාර්තොල්ඩි ෆ්‍රැන්කො-ඇමෙරිකන් එකමුතුව නම් කණ්ඩායමක් ස්ථාපනය කර ප්‍රතිමාවට අවශ්‍ය ප්‍රංශ ජනතා සම්මාදම් එකතු කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා.



මේ අතර ඔහු ප්‍රතිමාව නිපැයීම සඳහා ශක්‍යතාවන් පරාසයක් හිමි කණ්ඩායමක් බඳවා ගත් අතර ඒ අතර පසු කලෙක ප්‍රංශයේ අයිෆල් කුළුණ නිපැයූ ගුස්ටාව් අයිෆල්ද සිටියා.


නිදහස් සැමරුම මඟහැරෙයි

ප්‍රංශයේ දේශපාලන කම්කටොළු මඟ හැරෙන විට ඇමෙරිකාවේ සියවන නිදහස් සමරුව කට ලඟටම පැමිණ තිබූ අතර එදිනට පෙර මේ දැවැන්ත ඉදිකිරීම අවසන් කිරීම ප්‍රායෝගික නොවූ දෙයක් බව සියල්ලන්ටම වැටහී තිබුණා. කෙසේ නමුත් බාර්තොල්ඩි අභියෝගය අත් හැරීමට සූදානම් වූයේ නැහැ. කාල ගැටළුව පසෙක තැබූ ඔහු කවදා හෝ මෙය සාදා අවසන් කරන්නෙමි යන අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට පටන් ගත් අතර සම්මාදම් එක්රැස් කිරීමේ කටයුතු ද දිගටම සිදු කරන්නට යෙදුණා.


ක්‍රි.ව 1876 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ 100 වන සැමරුම පැවැත්වුණු අතර ඒ වන විට ඔහු ලිබර්ටි ප්‍රතිමාව නිපැයීමේ මුල් අදියරටවත් අත ගසා තිබුණේ නැහැ. කෙසේ නමුත් එය පරාජයක් ලෙස නොසැලකූ ඔහු ප්‍රතිමාව නිපැයීමට ඇස්තමේන්තු කරන ලද ඇමෙරිකානු ඩොලර් 400,000 ක මුදල් සම්භාරය සොයා ගැනීමේ අසීරු කර්තව්‍යය සඳහා නව මාර්ග  සොයන ලදී. අවසානයේ ලොතරැයි ක්‍රමයක් අත්හදා බැලීමට ඔහුගේ කණ්ඩායම යෝජනා කළ අතර එය සාර්ථක වුණා.


ලිබර්ටි ප්‍රතිමාවේ හිස ප්‍රදර්ශනයට තබා (New York Public Library)

ඇමෙරිකා එක්සත් ජනපදය තිබුණේ ප්‍රංශයටත් වඩා අවුල් සහගත තත්ත්වයකයි. ප්‍රංශයෙන් ලැබෙන ත්‍යාගය ගැන මුලින් උදම් ඇනුවත් එයට තමන්ගේ පසුම්බිවලින්ද මුදල් ගිලිහෙන බැව් දැනගත් දා සිට මේ ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් දැක්වූයේ පසුගාමී ආකල්පයක්. බොහෝ දෙනා ප්‍රතිමාවක් වෙනුවෙන් සිය මුදල් යෙදවීම නිරර්ථක දෙයක් ලෙස සැලකුවා. ඇමෙරිකානු කොංග්‍රසයද ප්‍රතිමාව නිපැයීම අගය කරමින් කතා කළත් මුදල් යෙදවුම් යෙදවීමේ පනත් සම්මත කරගැනීමට අපොහොසත් වූවා. කෙසේ නමුත් ඉක්මණින්ම බාර්තොල්ඩි ප්‍රතිමාවේ ගිණිසිළුව හා එය දරා සිටින හස්තය නිම කර එය ඇමෙරිකාව වෙත ගෙන ආ අතර එය ප්‍රදර්ශනයට තබා මුදල් යම් ප්‍රමාණයක් උපයාගත්තා. මේ ආකාරයෙන්ම ඊට වසර 2 කට පසු ප්‍රතිමාවේ හිසත් නිපදවා ඔහු එය ප්‍රංශයේ ප්‍රදර්ශනයට තැබුවේ ය. කෙසේ නමුත් මේ ද්විත්වයෙන්ම සිතූ තරම් මුදල් ඉපයීමට බාර්තොල්ඩි සමත් වූයේ නැත.


ක්‍රි.ව 1883 දී ප්‍රතිමාවේ පාදම තැනීමේ කර්තව්‍යට ඇමෙරිකානු ඩොලර් 100,000 ක මුදලක් සම්මත කිරීම උදෙසා වූ යෝජනාවක් ඇමෙරිකානු කොංග්‍රසයේදී ප්‍රතික්ෂේප වෙනවා. මීට අමතරව නිව්යෝක් වර්ල්ඩ් පත්‍රයේ හිමිකරු වන ජෝශප් පුලිට්සර්ද මේ සඳහා වූ සම්මාදම් තර කිරීමට උත්සාහ කළත් එයද ව්‍යර්ථ වෙනවා.


ප්‍රතිමාවේ වැඩ කටයුතු නිමවෙයි.

නිපදවෙමින් පවතින ලිබර්ටි ප්‍රතිමාව (1884)-dailymail.co.uk

ක්‍රි.ව 1884 දී හෙවත් මුලින් සැළසුම් කළ දිනට වසර 8 කට පසුව ප්‍රතිමාව සම්පූර්ණයෙන් නිම කර අවසන් කිරීමට බාර්තොල්ඩිට හැකි විය. කෙසේ නමුත් මේ වන විටත් ඇමෙරිකානුවන් විසින් එහි පාදම සඳහා ඇස්තමේන්තු වූ මුදල සපයාගෙන තිබුණේ නැහැ. මේ වන විට සම්මාදම් එකතු කොට නිව්යෝක් නුවර පාලකයින් හෙම්බත්ව සිටි අතර ඔවුන් තදාසන්න නගරවල පාලකයින් ප්‍රතිමාව සිය නගරයේ ස්ථාපිත කරන ලෙස වූ ඉල්ලීම්ද ගලා එන්නට වුණා. මේ අතර බාර්තොල්ඩි ප්‍රතිමාව කෙලින් කොට ප්‍රංශයේ පිහිටි සිය කලාගාරයේ තැන්පත් කොට තැබුවේ ඇමෙරිකාවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනා තුරුයි.


මේ අතර ප්‍රතිමාවේ රසිකයෙකුව සිටි ජෝශ්ප් පුලිට්සර් නැවතත් සිය පත්‍රය ඔස්සේ සම්මාදම් සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට උත්සුක වූ අතර ඒ වන විට ප්‍රදේශයේ ඉතා ජනප්‍රියව තිබූ ඔහුගේ පුවත්පත ඔස්සේ ගෙන ගිය මෙවර ප්‍රවර්ධන උත්සාහය මල්ඵල ගැන්වෙනවා. මෙහිදී වැඩි ආදායමක් ලැබෙන්නේ කුඩා ප්‍රමාණවලින් දායක කරන ලද දුප්පතුන්ගේ මුදල් හරහායි. ඔවුන් වැඩි දෙනෙකු ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයන් වෙති. ඒ නිසා ලිබර්ටි ප්‍රතිමාව ඉදිරි කාලයේ ඇමරිකාව වෙත එන සංක්‍රමණිකයන් පිළිගන්නට සංක්‍රමණිකයන්ගේම මුදලින් ඉදි වූවක් ලෙස සුවිශේෂී වටිනාකමක් ද ලැබූහ .


ඉතා සූක්ෂම හා කලාත්මක ලෙස දියත් වුණු ප්‍රවර්ධන වැඩසටහන නිසා ලිබර්ටි ප්‍රතිමාව පිළිබඳව නව පිබිදීමක් ඇමෙරිකාව තුළ ඇති වූ අතර විවිධ ව්‍යාපාරිකයින්ද එහි පාදම ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට උත්සුක වුණි . කෙසේ හෝ ක්‍රි.ව 1886 අප්‍රේල් මස වන විට පාදම සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් වෙයි. මේත් සමඟම ලිබර්ටි ප්‍රතිමාවත් කොටස් වශයෙන් නැව් මඟින් නිව්යෝක් නුවරට ගෙන එනු ලැබුණු අතර එම වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම පහේ බෙඩ්ලෝ දිවයිනෙහි ස්ථාපිත කොට තිබුණු බව කිව හැකිය.


ක්‍රි.ව 1886 ඔක්තෝබර් මස 28 වන දින මහා ජන ගංගාවක ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ජනපති ග්‍රෝවර් ක්ලිව්ලන්ඩ් ගේ සුරතින් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කරනු ලැබුණි . මේ වන විට කලින් සැළසුම් කල දිනට වඩා දස වසරක් වැඩිපුර ගත් වී තිබුණත් එමඟින් ඇමෙරිකාවට ලැබුණු වටිනාකම බිඳකදු අඩු නොවුණු බව බොහෝ දෙනා ප්‍රකාශ කළහ.


පසු කාලීනව ලිබර්ටි ප්‍රතිමාවේ යම් යම් අළුත්වැඩියා කිරීම් හා වෙනස්කම් සිදු වූ අතර ඉන් විශේෂම එකක් වන එහි පාදමේ ඇති

 *"Give me your tired, your poor, / Your huddled masses yearning to breathe free ..."*           


 නම් පැදි පෙළ 1903 වසරේදී එක් කෙරුණක්. එය එමා ලාසරස් නම් කිවිඳියගේ පබැඳුමකි. ඇය එහි කතෘ අයිතිය ප්‍රතිමාවේ පාදමට අරමුදල් රැස් කරනු වස් ස්වෙච්ඡාවෙන් පුද කර තිබුනි.


රටකින් රටකට ලැබුණු සුවිශේෂීම තිළිණය ලෙස එදත් අදත් ලිබර්ටි ප්‍රතිමාව ලොව පුරාම ප්‍රසිද්ධ බව කිව හැකිය.


මළ මුහුද (dead see)


ජෝර්දානයත් ඊශ්‍රාලයත් අතර මළ මුහුද පිහිටයි. මෙහි නොගිලී ජලය මත සිටිය හැකි අතර කිමිදීමට ද නොහැකි ය. ඊට හේතුව වන්නේ එම ජලයේ ඇති අධික ලවණ සාන්ද්‍රණතාවයයි. මළ මුහුදෙහි ලවණතාව සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි. ඊට ප්‍රධාන කාරණා දෙකකි. මලමුහුද වෙනත් සාගර හෝ මුහුදු සමගින් සම්බන්ධ නොවීම සහ නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර වලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණය කින් යුක්ත වේ . මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණතාවය හේතුවෙන් සාමාන්‍ය මුහුදක ජීවත්වන මත්ස්‍යයන් නොමැත. අධික ලවණතාවයට ඔරොත්තු දෙන දම් පැහැති ජීවීන් විශේෂයක් පමණක් ජීවත්  වන බව සාගර විද්‍යාඥයෝ පවසති.


ඊශ්‍රායලය  ,  ජෝර්දානය මෙම ලුණු උපයෝගී කරගනිමින් ඖෂධ වර්ග ,විවිධ රසායනික ද්‍රව්‍ය ,තීන්ත වර්ග සහ රසායන පොහොර නිෂ්පාදනය කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල අන්තර්ගතව ඇති හෙයින් එය එම රටවලට හොඳ ආදායම් මාර්ගයක් ද වේ .



මළ මුහුද මුහුදු මට්ටමින් පහළ ස්ථානයක පිහිටා ඇත. මෙහි ජල මට්ටම මීටර් 420 ක්  මුහුදු මට්ටමට පහතින් තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වය ද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇති වූ ගිලාබැසීමක් සිදු වීමෙන් ඇති වූ නිම්නයක් හේතුවෙනි .



මළ මුහුදේ ඇති කරදිය මිදී සෑදී ඇති රෝස , සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු හා ටැම් මළ මුහුදේ සුන්දරත්වය වැඩි කරයි. අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන් මෙසේ ලුණු කඳු නිර්මාණය වේ.



 මල මුහුද හේතුවෙන් මෙම රටවල සංචාරක කර්මාන්තයට ආර්ථික වාසි විශාල ලෙස හිමිවෙයි . වසරක් පාසා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑ මටද ප්‍රියකරති. මෙම ජලයෙහි බැස නෑම තුළින් තම සමේ රෝග, ස්වසන රෝග, වාත රෝග ආදී රෝග සුවවීමේ බලයක් ඇති බව ද මතයක් පවතී.



මෙක්සිකෝවේ බෝනික්කන් වනාන්තරය


වනාන්තරයක් යනු ස්වභාව සෞන්දර්යය නොඅඩුව ගැබ් වුණ තැනක් වගේම වටපිටාවේ නිහඬබව, පාළු ගතිය කැටිව ස්වභාවයෙන්ම  ගුප්ත හැඟීම් දනවන ස්ථානයකි .ඒ ගුප්තබව නිසාම වනාන්තර කැටිව ඈඳුන අද්භූත කතන්දර බොහොමයක් ඇත. මේ වනාන්තරය පිහිටා ඇත්තේ  මෙක්සිකෝවේ බෝනික්කන් දුපතේය. හොල්මන් බෝනික්කන්, කාලය වගේ අදහස් දෙන අමුතු අමුතු නම් වලින් මේ වනාන්තරය හැඳින්වෙයි.


 


1. Island of the Dolls (La Isla de las Muñecas)


මෙම බෝනික්කන් දූපත පිහිටලා ඇත්තේ මෙක්සිකෝ අග නගරයට දකුණු පසිනි.  මේ දූපත පුරාම ගස් වල ලෝකයේ හැම වර්ගයකම වගේ බෝනික්කන් එල්ලලා තිබීම මෙහි පවත්නා විශේෂත්වය වේ. බෝනික්කන් යනු ස්වභාවයෙන්ම සිත් ඇදගන්නා සෙල්ලම් බඩුවක් වුවද  කාලාන්තරයක් තිස්සේ අව්වට, වැස්සට නිරාවරණය වෙමින් ගස් මුදුන් වලින් එල්ලෙමින් බියජනක හැඟීම් ඇතිකරන මේ බෝනික්කෝ දකින එක ඉතා අද්භූත ය. මේ තැන් තැන්වලින් එල්ලෙන බය හිතෙන බෝනික්කන් නිසාම මේ වනාන්තරය හොල්මන් වනාන්තරයක් ලෙසද හැඳින්වෙයි.  මේ වනාන්තරය පිටුපස තියෙන ඉතිහාස කතාවත් බොහෝදුරට බලපානු ලැබේ.


 


2. දූපතේ පිහිටීම


මේ දූපත පිහිටා ඇත්තෙ මෙක්සිකෝ නගර මධ්‍යයේ සිට සැතපුම් 17ක් දකුණින් පිහිටි සොචිමිල්කෝ බොක්කේ. දූපතට ලඟා වීමට ඇති  ලඟම මාර්ගය  එම්බාර්කැඩෙරෝ කූමන්කෝ වෙතින් පිටත් වීම. නමුත් එතැන  ඉඳලත් පැයක, එකහමාරක ගමනක් වේ. මේ දූපතට ගමන් කිරීමට උදව් කිරීමට සංචාරක මඟපෙන්වන්නන් බොහොමයක් සිටියද  පැරණි මිත්‍යා විශ්වාස නිසා පාර පෙන්වීමට බය මිනිස්සුත් මේ ප්‍රදේශයේ සිටී.


 


3. Don Julian Santana Barrera


මෙම ජූලියන්  ඉතිහාසය වෙනස් කරලා මේ දූපත වෙනස්ම මඟකට අරන් ගියපු පුද්ගලයාය. ජූලියන් කියන්නෙ 20 වෙනි සියවසේ මැද භාගයේදී විතර තමන්ගේ බිරිඳ සහ දරුවන් අතහැරල මේ දූපතේ පදිංචියට ආපු පුද්ගලයෙක්. ඔහු තමයි මේ කැලයේ ගස්වල බෝනික්කන් එල්ලීම ආරම්භ කර වසර 50ක් විතර පුරාවට දිගටම බෝනික්කන් එල්ලීම සිදුකරලා තියෙන්නේ . එලෙස කිරීමට  බලපාපු හේතුව වන්නෙ  මෙයයි.


 


4. අද්භූත ඉතිහාස කතාව


ගෙදර අතහැර මේ දූපතේ පදිංචියට ආපු ජූලියන්ට ඇල මාර්ගයක් දිගේ ගලාගෙන ආපු පොඩි දැරිවියකගේ මළ සිරුරක් හමුවුණු බව කියති.ඒත් සමග ගසාගෙන ආපු බෝනික්කෙක් මියගිය දැරිවියව සිහිවෙන්නත් අනාගතයේ නපුරු ආත්මයන්ගෙන් කැලය ආරක්ෂා කරන්නත් අදිටනින් ජූලියන් විසින් ඒ අසලම ගසක එල්ලලා ඇත. නමුත් මේ එල්ලපු එකම බෝනික්කගෙන් ජූලියන් සැනසීමට පත්වෙන්නෙ නැත. මැරුණු දැරියගේ ආත්මය ඔහුට පෙනී සිටිමින් “I want my Doll (මට මගේ බෝනික්කා ඕනේ)” යයි කියමින් කරදර කරන නිසා ඔහු ඇල මාර්ගය දිගේ පාවෙලා එන හැම බෝනික්කෙක්ම, බෝනික්කන්ගේ කොටසක්ම මෙහෙම ගස්වල එල්ලන්න පුරුදු වුණා. එහෙත්  මදිවුන තැන එළිමහනේ ඇවිදින වෙලාවල් වලට කුණු ගොඩවල් අවුස්සමින් සොයාගන්න බෝනික්කොත්, ඔහු දූපතේ වවන එළවළු හුවමාරු කරලා ලබාගන්න බෝනික්කොත් ඔහු මෙහෙම කැලයේ ගස්වල එල්ලන්න පුරුදු වුණා. 


 


5. ජූලියන්ගේ මරණය


මේ විදිහට අවුරුදු 50ක් පුරාවට ගස්වල බෝනික්කන් එල්ලමින් ගතකරපු ජූලියන්ගේ ජීවිතය නිමවෙන්නෙත් අවාසනාවන්ත විදිහට. මුල්ම වතාවේ අර දැරියගේ මළ සිරුර දැක්කා කියන තැනම පාවෙමින් තිබියදී ජූලියන්ගේ මළ සිරුරත් සොයා ගැනෙනවා. මරණයට හේතුව හෘදයාබාධයක් කියලා සමහර තැන්වල ලියවිලා තිබුණත් හුඟ දෙනෙක් කියන්නෙ ඔහුගේ මරණයට හරිම හේතුවනම් කවුරුත්ම දන්නෙ නැහැ කියලයි. 


 


6. වර්තමාන තත්ත්වය 


කාලාන්තරයක් තිස්සෙ ගස් මුදුන් වලින් එල්ලෙන අවපැහැ ගැනුණු බෝනික්කන් පිරුණු මේ වනාන්තරය අදටත් මහා අද්භූත පෙනුමක් තියෙන පරිසරයක්. මේ ඉතිහාස කතාව ගැන සඳහන් වෙන පොත්පත්, ලිපි වගේ දේවල් අඩංගු වෙන පුංචි කෞතුකාගාරයකුත් දැනට මේ දූපතේ ඇත.මේ තැන ගැන විස්තර දැනගන්න එන අයට පරණ ලිපි එහෙම කියවලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මේ මඟින් හැකිය .


 


7 සංචාරක ආකර්ෂණය 

 


කිසිම ප්‍රියජනක හැඟීමක් නැති  තැනක් වුණත් මේ ස්ථානයට තියෙන සංචාරක ආකර්ෂණය ඉහල මට්ටමේ පවතී. මෙක්සිකෝවේ සංචාරය කරන පිරිස මේ අමුතු බෝනික්කන් වනාන්තරය නැරඹීමට  අමතක කරන්නෙම නැත. ඒ අවට තියෙන වෙනත් සංචාරක ස්ථානයන් සමගම මේ තැනටත් එන දෙස් විදෙස් සංචාරකයෝ මේ පුංචි ගැහැණු දරුවාගේ සහ ඇය වෙනුවෙන් මියගිය ජූලියන්ගේ ආත්මයන් සිහිපත් කරලා අදටත් මේ ගස්වල බෝනික්කන් එල්ලන එක පුරුද්දක් කරගෙන ඇත. ඒ නිසාම  අවපැහැ ගැනුණු පරණ බෝනික්කන් අතරින් පතරේ අලුත් බෝනික්කන් ගස් මුදුන් වලින් පහලට එල්ලෙති. ඒ බව මේ තැනට යන ඕනම කෙනෙකුට දැකගැනීමට හැකියාව ලැබේ.

 _By Danushi Prashadika_




මුහුණු පොත ඇසුරින් සංස්කරණය කරන ලද්දකි.

Saturday, May 22, 2021

පිටවීම

 කන්ථකයි පපුව දෙකඩ කරන් නතර උනේ

සංසාරයක්ම පස්සෙන් ආපු නිසයි නොවිඳපු

දුක් විඳ විඳ ජීවත් උනේ මම "


අපි ආයේ මේ සංසාරේ කවදාවත් 

මුණගැහෙන්නේ නෑ. ඉතිං මගින් 

අතරමංකරා කියලා තරහක් තියාගෙන

කොහොමද ? ඒකයි මේ අතරමං වෙච්ච 

ලෝකේ ඇතුලේ තව පාරක් අතරමං 

නොවී, ඔබේ සත්‍යය තුලින්ම, අස්ථීර 

ලෝකෙන් ස්ථීර ලෙසම පිට වෙන්නේ !



Monday, January 4, 2021

දුප්පත් හීන

 


"ලස්සන ඇඳුම්" ලොකුවට වටිනවා     ඇතී

ගෙනැවිත් දෙන්න අපෙ අම්මට කාසි  නැතී

හන්දියෙ පොළෙන්  අඩු ගානට අරන්  දෙතී

මේවා අඳින එක මට හීනයක්             වෙතී.

                       සනත් ජයසිරි .

      

                 ❤❤❤❤❤❤❤

Friday, January 1, 2021

ගැහැණිය

 


ගැහැණියක් උනාම,


රාමුවක ට කොටුවෙලා ජිවත් වෙන්න 

ඕනි නෑ. ඒත්,

තමන්ගෙ සීමාව දැනගෙන ඒක ඇතුලෙ

ජීවත් වෙන්න ඕනි.


දරදඩු වෙන්න හොද නෑ ඒත් 

ගොඩක් හයිය වෙන්න ඕනි.


බොළඳ වෙන්න හොද නෑ

ඒත් මෘදු වෙන්න ඕනි.

අඩාගත්තු ගමන් ජීවත් වෙන්න 

හොද නෑ ඒත්,

ගොඩක් සංවේදී වෙන්න ඕනි.


කවදාවත් පරාද වෙන්න හොද නෑ, 

ඒත්, ඕනි තැන පසුබසින්න ඕනි.

ආයෙම නැගිටින්න ඕනි.


තිරණ ගන්න තැන්වල

වගකීම් දරන තැන්වල

වැනෙන්න බෑ ඒත්,

ඕනි තැන්වල නම්‍යශීලී වෙන්න ඕනි.


හැම දේම උහුලගෙන ඉන්න ඕනි 

කියල නියමයක් නෑ.

ඒත්, හැම දෙයක්ම දරාගන්න 

පුළුවන් වෙන්න ඕනි.


ගැහැණියක් උනාම,

පිරිමියෙක් වගේ වෙන්න ඕනි නෑ.

ඒත්, ඒ ගැහැණු කම ඇතුලෙ 

පිරිමි භාගයක් වත් තියෙන්න ඕනි.


👩👩👩👩👩👩👩👩👩👩👩

සාලිය අශෝකමාලා පෙම් පුරාණය හා විලඳගොඩ රජමහා විහාරය

කාලය විසින් සියල්ල සඟවද්දී සාරදිවියට පාර කියන මාලිමාවක් මේ විශ්වය පුරා තවමත් හෝරාවෙන් හෝරාවට කැරකෙමින් තිබේ. ඒ අනුරාධපුර පූජා භූමියට පසුව අප...